වසර හතක් යුක්තිය වෙනුවෙන් සටන් කරන මවක් - දැන්වත් සාධාරණය ඉල්ලයි .Exclisive(VIDEO)
By Zara
තම දියණිය අධ්‍යනය ලැබූ මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක සිදුවුනු බව කියන කෘර පලිගැනීම් සම්බන්ධයෙන් මෙරට හිටපු අගමැතිවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වන තුෂ් වික්‍රමනායක මහත්මිය වසර 7කට පසුත් මේවන විට සාධාරණය ඉල්ලා පාරට බැස තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ රාජ්‍ය ආයතන සහ නිලධාරින් එය යටගැසීමට කටයුතු කළ බවයි ඇය පවසන්නේ.
එම නිසා තම දියණියට සාධාරණය ඉටු කර දෙන ලෙස තුස් වික්‍රමනායක මහත්මිය ගගන අප නාලිකාව සමග සිදු කළා විශේෂ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියා.
තම දරුවන් අදාල සිද්ධිය සම්බන්ධයෙන් යම් සැහීමකට පත් වන තුරු මෙය නොනවත්වන බවද ඇය සඳහන් කළා.