තවත් බිහිසුණු අනතුරක්...පාසල් දරුවන් සමඟ වෑන් රථයක් පල්ලමකට පෙරලේ..

Report

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව රාගල පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව අඳාළ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක් සහ රියදුරා ඇතුළු කාන්තාවක් තුවාල ලබා ඇත.

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා

ඔවුන්ව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (06) දින පස්වරුවේ ඇතුළත් කර ඇති බව සඳහන්.

අඳාළ අනතුර සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ රාගල බෘක්සයිඩ් වත්ත ප්‍රදේශයේදී යි.

ඒ අනුව අධික වේගයෙන් ධාවනය කර තිබෙන වෑන් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා වෑන් රථය රියදුරුගේ පාලනයෙන් මිදි පෙරළී යාමෙන් වෑන් රථය ගසක රැදි නතර වී ඇති බව පවසයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

පොලිසිය ප්‍රකාශ කළේ අනතුර සිදු වන විට එහි පාසල් ළමුන් 06 දෙනෙක් සහ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවෙකුගේ මවක්ද සිටි බවයි.

ඒ අනුව ප්‍රදේශවාසීන් විසින් අනතුරට පත් වෑන් රථයේ සිටි තුවාල කරුවන් සහ අනෙක් පාසල් සිසුන් ඉවතට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන රාගල පොලිසිය සඳහන් කළේ අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි