අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා [PHOTO]

Report

අවුරුදු 200ක් පමණ පැරණි 'භාවිත කළ හැකි තත්ත්වයෙන් තවමත් ඇති' කොන්ඩමයක් නෙදර්ලන්තයෙන් හමුවූ බවට වාර්තා වේ.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ඒ ඇම්ස්ටර්ඩෑම් හි රික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමත් සමඟයි. අඳාළ කොන්ඩමය බැටළුවෙකුගේ ශරීර කොටස් යොදා ගනිමින් නිම කර තිබෙන බව පවසයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එසේම එහි කන්‍යා සොහොයුරියක් සහ පූජකවරුන් තිදෙනෙකු සිටින ආකාරයේ පැහැදිලි මුද්‍රණයක් ද තිබෙනවා.

වර්ෂ 1830 දී පමණ නිමවා ඇති මෙය ඉකුත් වසරේදී වෙන්දේසියකදී කෞතුකාගාරය මඟින් මිලදී ගෙන ඇත.

ඒ අනුව වාර්තා වන්නේ අඳාළ කොන්ඩමය 19 වන සියවසේ ගණිකා වෘත්තිය සහ ලිංගිකත්වය පිළිබඳව පැවැත්වෙන ප්‍රදර්ශනයකට තබා ඇති බවයි.

එසේම මේ සම්බන්ධයෙන් රික්ස් කෞතුකාගාරයේ භාරකාරිනී ජොයිස් සෙලන් මහත්මිය කියා ඇත්තේ ඇය සහ ඇගේ සගයා වෙන්දේසියේදී කොන්ඩමය මුලින්ම දුටු විට සිනහ ගිය බවයි.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

එසේම ඒ සඳහා ලංසු තබා තිබුණේ ද ඔවුන් පමණක් බවද පවසයි.

මෙම කොන්ඩමය භාවිතා කර නොමැති බව UV ආලෝකයෙන් පරීක්ෂා කිරීමෙන් තහවුරු කර ගෙන ඇත.

එසේම එය තවමත් හොඳ තත්ත්වයේ තිබෙන බවද පැවසූ ඇය එය ප්‍රදර්ශනයට තැබූ දා පටන් කෞතුකාගාරය තරුණ හා මහලු සියලු දෙනාගෙන් පිරී ඉතිරී ගිය බවද පවසයි.

කෙසේ වෙතත් කොන්ඩමයක මුද්‍රණයක් සහිත පළමු වැන්න මෙය බව ද සඳහන්.  

බිමල්ටත් වැඩ වැරදෙයි

බිමල්ටත් වැඩ වැරදෙයි

GalleryGallery