පාප් වහන්‌සේ ගැන යළිත් ඇසෙන කණගාටුදායක පුවත
Pope Francis
Vatican
By Gagana News
රෝහල් ගත කර සිටින ශුද්ධෝත්තම පාප් වහන්සේගේ රෝගී තත්ත්වය යළි අයහපත් අතට හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුතාවය තවමත් පවතින බැවින් උන්වහන්සේට කෘතිමව ඔක්සිජන් ලබා දෙමින් සිටින බව ද වතිකානුව නිවේදනය කරයි.
කෙසේ වෙතත් පාප් වහන්සේට ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ උන්වහන්සේගේ වර්තමාන තත්ත්වය තීරණය කිරීමට තවත් පැය 24ක් හෝ පැය 48ක කාලයක් අවශ්‍ය වන බවයි.
88 හැවිරිදි පාප් වහන්සේ පසුගිය 14 වනදා රෝමයේ ගැමේලි රෝහලට ඇතුළත් කළේ පෙනහළු වල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙනි.
