​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

Report

 ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහාය.

මෙම තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) සඳහන් කර සිටියේ ඔවුන් අද (01) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවය.

සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදනෙක් අල්ලයි

සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදනෙක් අල්ලයි

කෙසේනමුත් මෙම තීරණය හේතුවෙන් රට තුළ කිසි ලෙසකින් ඉන්ධන අර්බුදයක් ඇති නොවන බවත්, හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය මඟින් තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන දීමනාව වැඩිවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා තවදුරත් සඳහන් කරන්නේ,

''පළවෙනි ලෝඩ් 15ට 6.96ක් දෙනවා. ඊළඟ ලෝඩ් 15ට 6.62යි. දැන් එයාලා කියන්නේ ලෝඩ් 25ක් විතර කරන අයලු වැඩිපුර ඉන්නේ. ඒ අයට දැනටත් ආදායම ලැබෙන්නේ ලක්ෂ 10ක් විතරලු. එකෙන් වැටුප් ගෙව්වට පස්සේ දැනුත් ජීවත්වෙන්න බෑ කියලා.  

අපි හඳුන්වාදෙන එකේ හැටියට ලෝඩ් 25ක් කරන කෙනෙක්ට 6.69ක් ලැබෙනවා. එතකොට එකොළොස් ලක්ෂ 3,850ක් ලැබෙනවා".

මේ හේතුව නිසා ළමා රෝගීන්ගේ වැඩිවීමක්... ඔබේ දරුවා ගැන අවදානයෙන් ඉන්න

මේ හේතුව නිසා ළමා රෝගීන්ගේ වැඩිවීමක්... ඔබේ දරුවා ගැන අවදානයෙන් ඉන්න

ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම් - රුපියල් ලක්‍ෂ 71යි

ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම් - රුපියල් ලක්‍ෂ 71යි