HND සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර..! පොලිසිය සහ සිසුන් අතර උණුසුම් තත්ත්වයක්..(PHOTOS)
එච්.එන්.ඩී හෙවත් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් මේ වනවිට කොළඹදී විරෝධතා පාගමනක නිරත වනවා. ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන එම විරෝධතා පාගමන ආරම්භ කර ඇත්තේ මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන්.
මෙම විරෝධතා පාගමන ක්‍රියාත්මක වන්නේ අද දිනයේදී කොළඹ - කොටුව අධිකරණ බලසීමාව තුළ පිහිටි මාර්ග කිහිපයකට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන හා හෝටල් පිහිටි ප්‍රදේශයට එච්.එන්.ඩී. සිසුන්ට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකයි.
ජනාධිපති මාවත, යෝක් වීථිය, බැංකු මාවත, පහළ චැතම් වීථිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත සහ කැනල් පාර මෙන්ම රෝහල් වීථිය ඇතුලු මාර්ගවලට ඇතුලුවීම වළක්වාලමිනුයි කොටුව මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න අදාළ නියෝගය නිකුත් කර තිබුණේ.
වැඩි විස්තර; එච්.එන්.ඩී හෙවත් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන පිවිසුම අසල දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |




