අද මුළු දිවයිනටම 2න් පස්සේ සිද්ධ වෙන්නේ මේකයි - විශේෂ වලංගු නිවේදනයක්

Report

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි: තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාද ඉදිරි දින කිහිපයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බිඳවැටුණු රටක් අතට ගත් හැටි මෙන්න..රු.507ක් වුන ඩීසල් ලීටරය රු.407ට දුන්නා..

බිඳවැටුණු රටක් අතට ගත් හැටි මෙන්න..රු.507ක් වුන ඩීසල් ලීටරය රු.407ට දුන්නා..

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වේ.

මේ රාජ්‍ය අංශය වැඩ වර්ජනයකට සූදානම් - විශේෂ සාකච්ඡාවක් අද

මේ රාජ්‍ය අංශය වැඩ වර්ජනයකට සූදානම් - විශේෂ සාකච්ඡාවක් අද

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.