සුදානම් වෙන්න - මේ පලාත් සහ දිස්ත්‍රික්ක සියල්ලටම අනතුරු ඇගවීමක් නොදැන එළියට බහින්න එපා
නැගෙනහිර පළාත ඇතුළුව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව නැගෙනහිර පළාතේ සහ අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකිය.
එබැවින් අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව දිවා කාලයේදී වැඩිපුර ජලය පානය කිරීම සහ අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම ඇතුළු සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද දැනුම් දෙනු ලැබේ.