සිය ඉතිහාසයේ ලොකු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු හතක් ඒකමතිකව සම්මත කර ගනියි
By Mithu
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන අවස්ථාවලදී හැර ඉදිරියට ගෙන යාමෙන් වැළැකී සිටින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබේ.
අද (29) දින පැවැත්වුණු සිය විශේෂ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිල ඉල්ලීම සිදු කර ඇත.
එම විශේෂ මහා සභා රැස්වීමේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, ඒ අනුව ඒකමතිකව කරුණු 07ක් එහිදී සම්මත කරගෙන තිබේ.
1067592437 BASL Resolution Retirement Age S by madhushani