හැටන් නගරයේ උණුසුම් තත්ත්වයක් - විරෝධය පාලනය කිරීමට පොලීසිය ඇතුළු නිලධාරීන් රැසක්

Report

හැටන් පැති වීදියේ සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යෑමට නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා එම අනුමැතිය ලැබීමට පෙර එම වෙළෙඳසලේ හිමිකරු විසින් අද (28) දින මාළු සහ කුකුළු මස් අලෙවි කිරිමට වෙළෙඳසල විවෘත කිරිමත් සමඟ හැටන් නගරයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

නගර සභාවේ අනුමැතියක් නොමැතිව නගර මධ්‍යයේ තවත් මත්ස්‍ය වෙළෙඳසලක් විවෘත කිරිමට ඉඩ ලබා දිය නොහැකි බව අඳාළ ස්ථානයට රැස්වූ නගරයේ සෙසු මත්ස්‍ය වෙළඳුන් සඳහන් කළා.

මේ අතර අලුතින් විවෘත කරන ලද මත්ස්‍ය වෙළෙඳසලේ කුකුළු මස් සහ මාළුවලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට ප්‍රදර්ශනය කර ඇත.

උණුසුම මැද හැමෝම බලන් හිටපු තීන්දුව - රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

උණුසුම මැද හැමෝම බලන් හිටපු තීන්දුව - රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

නගර සභාවෙන් 2026 වසරේ නගර සභාව සතු ගොඩනැගිල්ලක මත්ස්‍ය වෙළෙඳසලක් පවත්වාගෙන යෑමට ටෙන්ඩර් පත් කැඳවා තිබු අතර, එහි ටෙන්ඩරයද ලක්ෂ 12ක මුදලකට ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු විසින් ලබා ගෙන ඇති බව සඳහන්.

මේ අතර අසල පිහිටි සෙසු වෙළෙඳසල් හිමියන් සඳහන් කළේ නගර මධ්‍යයේ මත්ස්‍ය වෙළෙඳසලක් විවෘත කිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බවයි.

අඳාළ මත්ස්‍ය වෙළෙඳසලට නැගුණු විරෝධය හමුවේ හැටන් පොලිසියේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා, ආදායම් පරිපාලකවරයා එක්ව අදාළ වෙළඳසලට බලපත්‍රය නිකුත් කරන තෙක් එම ස්ථානය වසා තබන ලෙසට උපදෙස් දී ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යැමට අවසර ඉල්ලා මස් සහ මාළු විකිණීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා පවසයි.

දේශපාලන උණුසුම ඉහළට - සමන් ඒකනායක අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

දේශපාලන උණුසුම ඉහළට - සමන් ඒකනායක අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ