උණුසුම මැද හැමෝම බලන් හිටපු තීන්දුව - රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) දින කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කර ඇත.