දේශපාලන උණුසුම ඉහළට - සමන් ඒකනායක අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී තිබේ.
මෙම විමර්ශනය හිටපු ජනාධිපතිවරයාගේ නිල සංචාරයක් අතරතුර ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගිය ගමන සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳ චෝදනාවලට අදාළය.
නීතිපතිවරයාගේ උපදෙස් මත සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට අවසර ලැබී ඇති බවත්, ඒ අනුව පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (28) ප්‍රකාශ කළේය.
පසුගිය දිනයේ (27) සමන් ඒකනායක මහතා පදිංචි නිවසට පොලිස් කණ්ඩායමක් ගොස් තිබුණද ඔහු එහි සිටියේ නැත. ඔහු ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයකටද නිලධාරීන් ගොස් ඇති නමුත් මේ වන විට ඔහුගේ ගතන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැත.
පොලිසිය පවසන පරිදි, ඉතා ඉක්මනින් සමන් ඒකනායක මහතා අධිකරණයට භාරවීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බවට අපේක්ෂා කෙරේ.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම සංචාරය සම්බන්ධයෙන් ගොනු වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) යළි කැඳවීමට නියමිතය.
එහිදී රුපියල් ලක්ෂ 160කට ආසන්න මහජන මුදල් පෞද්ගලික විදේශ සංචාරයකට භාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇත.