තවත් කුමන්ත්‍රණයක් ගැන හර්ෂණ හෙළි කරයි

Report

පාර්ලිමේන්තු මහලේකම්වරියත් එළවන කුමන්ත්‍රණයක් තියනවා හර්ෂණ කියයි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියත් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අද සදහන් කර තිබේ.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.

බාල ගල් අඟුරුවලින් සාක්කුවට කීයක් ගියාද ඇහුවා විතරයි මැතිසබේ ගිනි ගයි - හැන්සාඩ් එකෙනුත් අයින් කරන්න කියලා බිමල් යකා නටයි

බාල ගල් අඟුරුවලින් සාක්කුවට කීයක් ගියාද ඇහුවා විතරයි මැතිසබේ ගිනි ගයි - හැන්සාඩ් එකෙනුත් අයින් කරන්න කියලා බිමල් යකා නටයි

මන්ත්‍රීවරයා මේ පිළිබද සදහන් කළේ මෙවන් අදහසක්

 ''පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අයින් කළා. දැන් මහ ලේකම්වරියත් එළවන්න කුමන්ත්‍රණයක් යනවා. චමින්ද කුලරත්න මහතා ගැන පවත්වන මූලික පරීක්ෂණයේ අවසාන ඡේදයේ නිර්දේශවලට අමතරව පිළිගත් ක්‍රමවේදයට පටහැනිව චමින්ද කුලරත්න මහතා පත් කිරීම ගැන සහ එමගින් රජයට පාඩු කිරීම ගැන කේ ඒ රෝහණදීර තාවකාලිකව දැනට දරන තනතුරින් ඉවත් කර ඇය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කළ යුතු බව සඳහන් වෙනවා. අාණ්ඩුව එක පැත්තකින් නීතිපතිට අත තියෙනවා. තවත් පැත්තකින් විගණකාධිපතිට අත තියෙනවා. දැන් පාර්ලිමේන්තුවටත් අත තියලා. රට මෙහෙයවන්න හදන්නේ පැලවත්තට ඕන විදියටද. කතානායක පුටුවට එන්නෙ පැලවත්තට ඕන විදිහට වැඩ කරන්නද. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන. ස්වාධීන ආයතන වලට අත තියලා. හැම තැනටම අතගහනවා. අපි මේවට ඉඩ දෙන්නේ නෑ.     ''

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්