බාල ගල් අඟුරුවලින් සාක්කුවට කීයක් ගියාද ඇහුවා විතරයි මැතිසබේ ගිනි ගයි - හැන්සාඩ් එකෙනුත් අයින් කරන්න කියලා බිමල් යකා නටයි

Report

ගල් අඟුරුවල ප්‍රමිතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (17)දින ද ප්‍රශ්න කෙරුණු නිසා මැතිසබය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

ඒ අනුව ජගත් වික්‍රමරත්න කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න වටයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ප්‍රශ්නයක් විමසුවා.

ඔහු විමසා සිටියේ, "බාල ගල් අඟුරු නොරොච්චෝලේ විදුලිබලාගාරයට ගෙන්වීම නිසා රුපියල් මිලියන 2153 ක පාඩුවක් සිදුවී තිබෙනවා.ඒත් රුපියල් මිලියන 351ක් තමයි අය කරගන්න යන්නේ. නමුත් ඉතිරි මිලියන ගණන අය කරගන්නේ කාගෙන්ද? මෙම දඩ මුදල ගෙවීමට වඩා දෙයක් මෙතන තියෙනවා. මෙතන විශාල වංචාවක් සිදුවෙලා තියෙනවා. ඔබතුමාගේ සාක්කුවට කීයක් යනවාද?" යනුවෙන්.

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

එහිදී එම ප්‍රශ්නය මුල් ප්‍රශ්නයට කිසිම අඳාළත්වයක් නැති බවත් එය නිසි ලෙස ඉදිරිපත් කරන ලෙසත් බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා. එම අවස්ථාවේදී කථානායකවරයා මුල් කාරණයෙන් පැන නගින කාරණයක් අතුරු ප්‍රශ්නයක් මඟින් විමසිය යුතු බව කියා සිටියා.

අතුරු ප්‍රශ්න අසන විට ඇමතිවරයා විවේචනය කිරීමට නොහැකි බවත් ප්‍රශ්නයක් මඟින් ඇමතිවරයා විවේචනය කිරීම සුදුසු නොවන හේතුවෙන් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසත් සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඒ සමඟම බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරුද්ධ පක්ෂයෙන් විරෝධය එල්ල විය.

පෞද්ගලික අංශයේ මේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් සියලුම ආයත වෙත ලිපියක් - වැටුප් නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

පෞද්ගලික අංශයේ මේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් සියලුම ආයත වෙත ලිපියක් - වැටුප් නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

ඒ අනුව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ හැන්සාඩ් වාර්තාවේ යමක් ඉවත් කිරීමට බලය ඇත්තේ මූලාසනයට බවත් එවැනි බලයක් සභානායකවරයාට නොමැති බවත් ය.

මේ අතර චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මෙහිදී අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ ගැනීමත් සමඟ මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

එහිදී නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ මුල් ප්‍රශ්නයේ අඳාළත්වයක් අතුරු ප්‍රශ්නයට ඇති බවයි.

ඒ අනුව පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නයකදී ගල් අඟුරුද බලපාන බැවින් මෙම අලාභය හේතුවෙන් විදුලිබිල වැඩිවන බවත් එය පුනර්ජනනීය බල ශක්තියට මෙන්ම ජනතාවට බලපාන නිසා මෙම බාල ගල් අඟුරු ගැන අසන ලද ප්‍රශ්නය අඳාළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

විජිත් විජයමුණි FCIDයට

විජිත් විජයමුණි FCIDයට

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව