අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩදී ඉකුත් දා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.
එසේම මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවටත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.
එසේම අඳාළ ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කරන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ අද (17) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම හේතුකොට ගෙන ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවට හුවා දැක්වීමට උත්සාහ ගන්නා බවයි.
තවද මෙම ඝාතනය කිසිවිටෙකත් නීතියේ ආධිපත්‍යයට එල්ල වූ තර්ජනයක් සේ සැලකිය යුතු කාරණයක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
පෞද්ගලික අංශයේ මේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් සියලුම ආයත වෙත ලිපියක් - වැටුප් නොලැබුණොත් කළ යුත්තේ මෙයයි
"මේ රටේ කිසිවෙකුගේ ජීවිත, අපි අවතක්සේරු කරන්නේ නෑ. කිසිවෙකු කිසිවෙකු අතින් මියයෑම අපි අනුමත කරන්නේ නෑ. සියලුදෙනාගේ ජීවිත ආරක්ෂා කරන්න අපි රජයක් විදියට කැපවෙනවා. ඒ සඳහා තීන්දු තීරණ රාශියක් රජය බලයට පත්වූ දා සිට, අරන් තියෙනවා. සමාජයේ සැරිසරන විශාල අවි ආයුධ ප්‍රමාණයක් තියෙනවා. පහුගිය කාලයේ දේශපාලනඥයින්ට දුන්න අවි ආයුධ තවම භාරදීලා නෑ. මෙවැනි තත්ත්වයක් තුළ තමා කටයුතු කරමින් යන්නේ. සමහර ආයුධ හමුදා කඳවුරුවලින් පාතාලයට ලබාදුන්න අවි ආයුධ ගැන විමර්ශන සිදුවෙන පරිසරයක් තුළ තමා මෙවැනි ඝාතන සිදුවන්නේ. ඝාතන සංස්කෘතිය අපි හෙළා දකිනවා. ඒ වගේම නැවත නැවතත් අපි කනගාටුව ප්‍රකාශ කරනවා."