හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

By Shehan Sep 23, 2025 05:17 AM GMT
Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර ඇත.

ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

වගඋත්තරකරු වන හර්ෂ ඉලුක්පිටිය මහතා මෙම ක්‍රියාව තුළින් අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත්කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, වීසා නිකුත්කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබුණි.

එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න