මීට පස්සේ පොලීසියට පැය 72ක් රඳවා ගන්න බෑ - මේ නීති සියල්ලෙහි සංශෝධනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

Report

ජනපති අනුර කුමාර දිසානායක මහතා යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් පොලිසියට ලබාදී තිබූ පැය 72ක රඳවා ගැනීමේ කාල සීමාව, පැය 48 දක්වා සංශෝධනය කිරීමට රජය සූදානම් බව සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ "එකට නැගී සිටි වසරක්" ඉවත්වෙනු මෙහෙයුමේ වසරක ඇගයුම - ආගමික සමුළුවට එක්වෙමින්.

එසේම එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා සඳහන් කර ඇත්තේ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ පච්ච සම්බන්ධ නීතිය ඉවත් කිරීම සහ සුරාබදු ආඥා පනත යටතේ වන වරද සම්බන්ධයෙන් ඇතුළත් කරුණුද සංශෝධනයට සූදානම් බවයි. 

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තමයි අපි දීර්ඝ කාලයක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා යොදා ගත්තේ. පුද්ගලිකව ගත්තොත් අපි දිර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරුද්ධ වුණ අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් බැට කාපු අය. ඒනිසා එවැනි නීතියක් අවශ්‍ය නැති බව පිළිගන්නවා. අපිට සංවිධාන්තම අපරාධ වැළක්වීම සඳහා නීතියක් අවශ්‍යයයි. දැන් අපි ඒ නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට විරුද්ධ කණ්ඩායම් දෙකක් ඉන්නවා සංවිධානාත්ම අපරාධකරුවන්ගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන. ඒ කණ්ඩායම් අපි ගන්නනේ නෑ. තව කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ මානව හිමිකම් පිළිබඳ කතා කරන. අපි ඒ කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරන්න ලෑස්තියි. මේකෙන් කිසිසේත්ම ජනතාව මර්ධනය කරන්න, ජනතා අයිතිවාසිකම් උල්ලඝනය කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍ය සංවිධානත්මක අපරාධ මැඩ පැවැත්වීමට නීතියක්. ඒ නීතිය හදන එක තමයි අපේ වැඩේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත තියෙනවා. ඒක සාකච්ඡාවට බඳුන්වෙමින් තියෙනවා. ඒ පනතට විරුද්ධ අධිකරණයට ගියපු අය මූලික වශයෙන් කරුණ තුනක් මතුරකලා තියෙනවා. එකක් රඳවාගැනීමේ කාලය. මේ පතන ඇතුළේ රඳවාගැනීමේ කාලය පැය 72යි. ඒක වැඩියි කියලා යෝජනාවක් තියෙනවා. අපි ඒක පැය 48 දක්වා සංශෝධනය කරන්න ලෑස්තියි. අපි සවන්දෙන්න ලෑස්ති. තව සංවාදයක් තියෙනවා පච්ච. සංවිධානාත්මක කණ්ඩායම් හඳුනාගන්න ක්‍රමවේදයක් ඒක. නමුත් ඒක අපේ රටේ නැතිනම් අපට ඒ නීතිය ඕනේ නෑ. අපි ඒක අයින් කරගන්නත් ලෑස්තියි" යනුවෙන්.

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රජයෙන් තවත් සතුටු ආරංචියක් - ප්‍රතිලාභ රැසක් සමඟින් මේ රක්ෂණාවරණය ශක්තිමත් කිරීමට සැලසුම්

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රජයෙන් තවත් සතුටු ආරංචියක් - ප්‍රතිලාභ රැසක් සමඟින් මේ රක්ෂණාවරණය ශක්තිමත් කිරීමට සැලසුම්

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න