රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රජයෙන් තවත් සතුටු ආරංචියක් - ප්‍රතිලාභ රැසක් සමඟින් මේ රක්ෂණාවරණය ශක්තිමත් කිරීමට සැලසුම්

Report

රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව හා සුබසාධනය සඳහා වඩාත් ඵලදායී රක්ෂණ සේවාවක් සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් 3 වන දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍යාංශයේ දී රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන ‘අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය’ තවදුරටත් ශක්තිමත් කරමින්, එහි ප්‍රතිලාභ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ප්‍රතිලාභීන් වෙත ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව සඳහන්.

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි - නවතම රන් මිල ගණන් මෙන්න

එහිදී ජාතික රක්ෂණ භාර අරමුදලේ (NITF) ප්‍රධානීන්, කළමණාකාරීත්ව මණ්ඩලය සහ අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ ද සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ පවුල්වල සුබසාධනය සඳහා අග්‍රහාර රක්ෂණාවරණය වඩාත් ප්‍රතිඵලදායී වැඩසටහනක් බවට පත්කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කර ඇත.

එමෙන්ම එහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ රාජ්‍ය සේවකයන් රටට ඉටුකරන සේවයට නිසි ඇගයීමක් ලබාදීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වගකීමක් බවයි.

තවද ඔහු කියා ඇත්තේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවකදී තමන් වෙනුවෙන් ශක්තිමත් රැකවරණයක් පවතින බවට විශ්වාසයක් රාජ්‍ය සේවකයා තුළ ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය යුතු බවයි.

අපි පැරදුනේ යුද්ධයෙන්.. මුළු ලෝකෙම කතා කරපු පරාජයේ වැරැද්දත් ඉරානයට - ලැජ්ජාව මැද ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් කට අරී

අපි පැරදුනේ යුද්ධයෙන්.. මුළු ලෝකෙම කතා කරපු පරාජයේ වැරැද්දත් ඉරානයට - ලැජ්ජාව මැද ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් කට අරී

එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු අතර, රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමේදී මතුවන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ පවතින ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම, කාලීන සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස අග්‍රහාර සාමාන්‍ය, රිදී, රන් යන රක්ෂණ යෝජනා ක්‍රම මෙන්ම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ රක්ෂණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම, ප්‍රතිලාභීන් මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් දෙමින්, ප්‍රතිලාභ නිසි ලෙස හා කාලෝචිතව ලබාගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම ආදීයයි.

එමෙන්ම ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ක්‍රියාත්මක වන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ඔස්සේ රජයේ සහ පෞද්ගලික රෝහල්වල නේවාසික ප්‍රතිකාර, ශල්‍යකර්ම, මාතෘ හා දරු උපත් සෞඛ්‍ය අවශ්‍යතා, ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාගැනීම ඇතුළු සෞඛ්‍ය අවශ්‍යතා රැසක් ආවරණය වෙන බව සඳහන්.

තවද පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග වැනි බරපතළ රෝගාබාධ වෙනුවෙන් වන ප්‍රතිකාර මෙන්ම හදිසි අනතුරු නිසා සිදුවන ආබාධිත තත්ත්වයන් සහ මරණ වෙනුවෙන් ද ප්‍රතිලාභ සපයයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න