කාන්තාවන්ට රජයෙන් උපකරණ - ස්වයං රැකියා සදහා අවස්ථාවක්
වවුනියා දිස්ත්‍රික්ක ග්‍රාම සංවර්ධන කාර්යාලයේ දී කාන්තා ව්‍යවසායිකාවන් ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ රජය මගින් ප්‍රදානය කිරීමේ වැඩසටහන පැවැත්වී ඇත.
මෙම වැඩසටහන, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කල අතර වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමූපාකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් තෝරාගත් කාන්තාවන් සඳහා ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ ප්‍රධානය කර ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම ප්‍රධාන අරමුණ කොටගෙන රජයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.