බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

Report

ආපදාවෙන් වගා හානිවලින් පීඩාවට පත් වී ගොවීන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් මිලියන 600 ක් බැර කිරීමට පියවර ගෙන තිබේ. කෘෂිකර්ම සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ගොවීන්ට සිදු වූ වගා හානි සඳහා වන්දි මුදලින් 80% ක් පමණ මෙම සතියේ ගෙවීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙම ව්‍යසනයෙන් පසු පුනරුත්ථාපනය කළ හැකි ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 95,000 ක් ලෙස හඳුනාගෙන ඇත.

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

වගා හානි වන්දි සඳහා තවමත් ඉල්ලුම් කර නොමැති ගොවීන්ට ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයාගෙන් සුදුසු අයදුම්පතක් ලබා ගන්නා ලෙස ඔහු උපදෙස් දී තිබේ.

ඉන්පසු අයදුම්පත්‍රය ප්‍රදේශයේ කෘෂිකර්ම සංවිධානවල ලේකම්/ප්‍රධානියා, ආර්ථික සංවර්ධන නිලධාරී හෝ සමෘද්ධි නිලධාරී සහ කෘෂිකර්ම උපදේශකවරයාගේ අත්සනින් කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයා වෙත වහාම ඉදිරිපත් කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. 

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්