කිව්වෙ නම් කොහොමද? අහෝසි කරනවා කිව්ව මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගෙවන්න රජයෙන් කෝටි 218ක්

Parliament of Sri Lanka Sri Lanka Politician Department of Pensions Sinhala news Breaking News
By Kaushi Jul 18, 2025 06:25 AM GMT
Kaushi

Kaushi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසකට රජයෙන් අඛණ්ඩව විශ්‍රාම වැටුප් ගෙවමින් සිටින බව වාර්තා වේ.

එසේම ඒ සඳහා ඉකුත් වසර කිහිපය තුළ රුපියල් කෝටි 218කට අධික මුදලක් වැයකර ඇති බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

ඒ අනුව ඉකුත් වසරේදී පමණක් මෙම ගෙවීම්වලට රුපියල් කෝටි 36කට ආසන්න මුදලක් වෙන්කර තිබෙන බව සඳහන්.

පාර්ලිමේන්තු මූල්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අඳාළ විශ්‍රාම වැටුප් හිමිකම හිටපු මන්ත්‍රීවරුන් 325 දෙනෙක් ඔවුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙක් සහ මියගිය මන්ත්‍රීවරුන්ගේ දරුවන් හත් දෙනෙක් ඇතුළු 506 ක විශාල පිරිසක් වෙත හිමිවන බවයි.

මේ අතර 2018 වසරේ සිට වාර්ෂිකව රුපියල් කෝටි 20ත් 35ත් අතර අගයක් ගත් මෙම විශ්‍රාම වැටුප් වියදම, රාජ්‍ය මූල්‍යයට සැලකිය යුතු බරක් එක්කර ඇති බව සඳහන්.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

එමෙන්ම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට රජය මීට පෙර ප්‍රකාශ කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත පියවරක් ගෙන නැත. එසේම අඳාළ ගෙවීම් අඛණ්ඩව සිදුකරන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළහොත්, වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනා ඇතුළු සෑම මන්ත්‍රීවරයෙක්ට ද අනාගතයේදී විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානමක් ඇති බවත් සඳහන්.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

තවද හිටපු මන්ත්‍රීවරුන්ට දැනටමත් ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමට නීතිමය ලෙස බාධා පැවතිය හැකි බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මත පළ වේ.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කළ නොහැකි නිසා දැනට විශ්‍රාම වැටුප ලබන පිරිසගේ එම හිමිකම අහෝසි කිරීම නීතිමය අභියෝගයකට ලක්විය හැකි බවයි.

‘ගෝඨා ගෝ ගම' අරගලයේදී ගිනි තැබූ ගෙවල් වලට දුන්නු වන්දි ආපසු ගන්න නඩු දමයි

‘ගෝඨා ගෝ ගම' අරගලයේදී ගිනි තැබූ ගෙවල් වලට දුන්නු වන්දි ආපසු ගන්න නඩු දමයි

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

ReeCha