හදිසි තත්ත්වයක් - STF රැස්වෙයි - කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලැව්ගින්නක් වෙයි [VIDEO]

Report

අද (10) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් මේ වනවිට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව තර කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම දැඩි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ

පසුගිය ජූනි 4 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම කරුණ පිළිබඳ නියෝගය අද දිනයේ ලබාදීමට අධිකරණය තීරණය කර ඇත.

පසුව ඊට අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්