ධවල මන්දිරයේත් වෙසක් සමරයි
By Malith Madushan
2026 ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව, ඇමරිකා එක්සත් ජනපද රජයේ පූර්ණ සහයෝගය ඇතිව වොෂිංටන් ඩී.සී. හි ධවල මන්දිරයේ විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
මෙම උත්සවය තුළ ථේරවාද, මහයාන සහ වජ්‍රයාන යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහ ගිහි භක්තිකයන් එක්වී, එකමුතුභාවය සහ ආගමික සම්ප‍්‍රදායන් අතර සමාජ සාමය ඉස්මතු කරන ලදී.
මෙහිදී ථේරවාද බෞද්ධ සමාජය නියෝජනය කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන විනිශ්චය සංඝනායක, අති පූජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමීන් වහන්සේ සහ නිව්යෝර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මෙම ආගමික කටයුතු සහ සැමරුම් සඳහා සහභාගී වූහ.
