තීරු බදු රහිත දුම්වැටි 26,600ක් කටුනායකදී අල්ලයි
By Malith Madushan
අද (13) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී, තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ දුම්වැටි 26,600ක් (කාටුන් 133) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ගුවන්තොටුපොළ පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.