උපන්දින දෙකේ හොර පාස්පෝට් නඩුව - ශෂී වීරවංශ මහත්මිය සිරගෙට යෑමට හේතු වූ සාක්ෂි විශ්ලේෂණය මෙන්න

Report

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබූ වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ගොනු කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව නීත්‍යානුකූලව සහ සාක්ෂි මත පදනම්ව ලබාදී ඇති බවට තෘප්තිමත් වන බැවින් එය ස්ථීර කරන බවයි.

ශෂී වීරවංශ මහත්මිය 2022 මැයි 27 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ අතර, එහිදී ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරිණි.

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

එම තීන්දුවට එරෙහිව ඇය කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළ අතර, දීර්ඝ කාලයක් පුරා පැවති විභාගයෙන් අනතුරුව අද දිනයේ එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

තීන්දුවේදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ, විත්තිකාරිය 1967 පෙබරවාරි 1 වැනිදා උපත ලැබූ බව සඳහන් කර ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇති අතර, පසුව 1971 පෙබරවාරි 3 වැනිදා උපන් බව සඳහන් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත් එම විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් ලේඛනයක් ලෙස සැලකිය හැකි බවත්, එවැනි ලේඛනයක් සන්තකයේ තබා ගැනීමට කිසිදු නෛතික හිමිකමක් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

"අපි රාජපක්ෂලා වගේ සුනාමි හොරු නෙවෙයි" - බිමල්ගේ රතු කට්ට පනී

"අපි රාජපක්ෂලා වගේ සුනාමි හොරු නෙවෙයි" - බිමල්ගේ රතු කට්ට පනී

තවද, විදේශ ගමන් බලපත්‍රයේ තොරතුරු සම්බන්ධයෙන් ගැටලුවක් පැවති බව විත්තිකාරිය පවසමින් සිටියද, එය නිවැරදි කර ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද අධිකරණය නිරීක්ෂණය කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය සාක්ෂි අධික ලෙස තක්සේරු කරමින් තමන් වරදකරු කළ බවට අභියාචනයේ සඳහන් කර තිබුණද, නඩු වාර්තා සහ සාක්ෂි විමර්ශනය කිරීමෙන් අනාවරණය වූයේ මහේස්ත්‍රාත්වරයා සාක්ෂි නිසි පරිදි විශ්ලේෂණය කර තීන්දුව ලබාදී ඇති බව බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, 2022 මැයි 27 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරමින් ශෂී වීරවංශ මහත්මියගේ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට මහාධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත්, මෙම මහාධිකරණ තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීති ආරංචි මාර්ග සඳහන් කරයි.