විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරු හයසියයක් අතරින් වැඩ භාර නොගත් එකසිය හැට පස් දෙනකුගේ සේවා ස්ථාන සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

උඹ මධු මාධවගෙ මල්ලි නෙවෙයි..පපුව කීතූ වෙද්දී කෑගහලා අඬන්න හිතුනා සම්මානේ ගත්ත ධනා ගැන මධුමාධව සංවේදීව කියන කතාව
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ එම කථිකාචාර්යවරු ඉදිරිපත් කළ අභියාචනා පිළිබඳව සලකා බැලීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව අනුව බව පවසයි.
එසේම එම කථිකාචාර්යවරුන්ගේ නව සේවා ස්ථාන අද දැනුම් දෙන බවට මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසා ඇත.
ඒ අනුව අඳාළ දැනුම් දීම කරන්නේ පෙර සේවා ස්ථානයට යැයි ද එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් වාර්තා වූයේ මෙම පිරිස වැඩ භාරනොගැනීමට හේතු වී ඇත්තේ සේවා ස්ථානය තමන් පදිංචි ස්ථානයට වැඩිදුරකින් පිහිටා තිබීම බවයි.