සහරාන්ගේ ලෝයර් මම නෙවෙයි හැබැයි හිටපු නඩුවක.. මේවට මාව නවත්වන්න බෑ - සමාජ මාධ්‍ය කළඹපු පුවතේ ඇත්ත නැත්ත මෛත්‍රී එළි කරයි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් සැලකෙන සහරාන් හෂීම්ගේ නීතිඥවරයා වශයෙන් තමන් කටයුතු කර ඇති බවට මාධ්‍යවේදීන් පිරිසක් විසින් ගෙනයනු ලබන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂසහගත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ බවට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන් යැයි කියාගන්නා කිහිප දෙනෙකු විසින් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවයි.
එමෙන්ම තමන් කිසිසේත්ම පෙනී නොසිටි සැකකරුවෙකු වෙනුවෙන් උසාවියේ පෙනී සිටි බවට ප්‍රකාශ කිරීම, තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් හා සිවිල් සමාජ මැදිහත්වීම් ඉලක්ක කර ගනිමින් තමන් කෙරෙහි වෛරය පැතිරවීමට දරනු ලබන නින්දිත උත්සාහයක් බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කරයි.
පාස්කු බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවෙන්.. ගෝඨා ජනාධිපති කරවන්න ජෙවීපී එකත් සපෝට් කළා - නාමල් එළි කරයි
තවද තමන් සහරාන් වෙනුවෙන් නීතිඥවරයෙකු වශයෙන් පෙනී සිටි බවට කරන චෝදනා ඔප්පු කරන මෙන් තරිඳු උඩුවරගෙදර සහ ශාලික විමලසේන යන අයට අභියෝග කරන බව ප්‍රකාශ කළ ඔහු, වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් පවසන පරිදි තමන් සහරාන් වෙනුවෙන් පෙනී සිටියේ නම් එම නඩුකරයේ අංකය සහ නඩුව විභාග වූ උසාවිය අනාවරණය කිරීමට පියවර ගත යුතු බවයි.
ඊට අමතරව ඔහු පැහැදිලි කළේ පාස්කු ප්‍රහාරයට බොහෝ කලකට පෙර, සහරාන් ද සැකකරුවෙකු කර තිබූ නඩුවක වෙනත් සැකකරුවෙකු වෙනුවෙන් තමන් පෙනී සිටි බවයි.
මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්
එහෙත් එම සැකකරු කිසිසේත්ම පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් නොවන බව ද මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කර සිටියා.
එබැවින් තමන් වෙත එල්ල කරන මෙවැනි වෛරසහගත ප්‍රකාශවලින් සිය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය කිසිසේත්ම නතර කළ නොහැකි බව ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසා සිටියා.
එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි