මුදල් ලේකම් කළ බව කියන ලංකාව කැළඹෙන ප්‍රකාශය - අයවැය සංශෝධනයක්.. භාණ්ඩාගාරේ නැති වුණ මුදල් ජනතාවට ගෙවන්න වෙයි [VIDEO]

Report

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වී ඇති බව පවසන ඩොලර් මිලියන දෙකහමාරක (2.5) මුදල නැවත සොයා ගත නොහැකි වුවහොත්, එම පාඩුව පියවීමට අවසානයේ මෙරට ජනතාවට සිදුවන බව හෙළි වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවා තිබූ අවස්ථාවේදී හෙළි වූ බව සඳහන්.

එමෙන්ම මෙම අස්ථානගත වූ මුදල් සොයා ගැනීමට හැකි වුවහොත් එය ගෙවිය හැකි වුවත්, එසේ නොවුණහොත් ඉතිරි මුදල ජනතාව මත පැටවෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුම මහතා සඳහන් කළ බව කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එමෙන්ම සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙම පාඩුව පියවා ගැනීමට අයවැය සංශෝධනයක් පවා ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවයි.

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් - මහ බැංකුව කොටු වෙයි - හර්ෂගෙන් සතියක අවසාන නිවේදනයක්

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් - මහ බැංකුව කොටු වෙයි - හර්ෂගෙන් සතියක අවසාන නිවේදනයක්

තවද මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මහ බැංකුව සෑහෙන වගකීමක් දැරිය යුතු බවට වාර්තාවල සඳහන් වුවත්, මහ බැංකු නිලධාරීන් ඒ පිළිබඳව වෙනත් මතයක් දරන බව කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.

එම වාර්තාව තමන් වෙත ලැබී නොමැති බව මහ බැංකුව සඳහන් කළ බැවින්, එදිනම ඔවුන්ට එම වාර්තාව ලබා දුන් බවත්, ඒ සම්බන්ධයෙන් සතියක් ඇතුළත පිළිතුරු වාර්තාවක් ලබා දීමට ඔවුන් පොරොන්දු වූ බවත් එහිදී හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඊට අමතරව මෙම මූල්‍ය වංචාව ඊමේල් සන්නිවේදනය ඔස්සේ සිදුවී ඇති අතර, රජයේ ප්‍රධානතම ආයතනයක් වසර පහක් තිස්සේ කිසිදු තාක්ෂණික සහායක් නොමැති ඊමේල් සර්වරයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ද සභාපතිවරයා දැඩි මවිතය පළ කර ඇත.

මහ බැංකුවයි භාණ්ඩාගාරයෙයි බරපතළ අර්බුදයෙන් සජිත් කැළඹෙයි - වහාම වාර්තාව සභාගත කරන මෙන් ඉල්ලයි

මහ බැංකුවයි භාණ්ඩාගාරයෙයි බරපතළ අර්බුදයෙන් සජිත් කැළඹෙයි - වහාම වාර්තාව සභාගත කරන මෙන් ඉල්ලයි

එමෙන්ම එවැනි අවදානම් සහගත තත්ත්වයක් තුළ සයිබර් ආරක්ෂණය පිළිබඳ බරපතළ ගැටලු මතුවන බවද ඔහු පැවසුවා.

එම සිදුවීම සම්බන්ධයෙන් දැනට රහස් පොලිසිය සහ පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, වෝහාරික විගණනයක් ද ක්‍රියාත්මක වන බව සඳහන්.

එමෙන්ම ආයතනය සතුව නිසි මාර්ගෝපදේශ පද්ධතියක් නොතිබීම නිසා වගකීම එකිනෙකා වෙත පවරා ගැනීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇති බවද කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

එය මහා පරිමාණ මූල්‍ය වංචාවක් බවත්, සිදුවී ඇති වරද නිවැරදි කර වගකිවයුත්තන් හඳුනා ගැනීමට කටයුතු කළ යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා දැඩිව අවධාරණය කරයි.

අමෙරිකාවටත් ඇති වෙයි - යළි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ නොහැකි බවට ලිපියකින්ම දන්වයි

අමෙරිකාවටත් ඇති වෙයි - යළි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ නොහැකි බවට ලිපියකින්ම දන්වයි

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,