කැළඹුණු කාලගුණය සමඟ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටෙයි - සිසුන් තිදෙනෙකු රෝහලට [VIDEO]
පිළියන්දල ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට කොහොඹ ගසක් කඩා වැටීමෙන් එම පාසලේ සිසු සිසුවියන් තිදෙනෙකු තුවාල ලබා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහිදී එක් සිසුවෙක් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙන බව සඳහන්.
මෙසේ තුවාල ලබා ඇත්තේ එම පාසලේ 10වැනි වසරේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙක් හා සිසුවෙක් බව පවසයි.
එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි
ඒ අනුව පොලීසිය සඳහන් කළේ අද දහවල් 1.20 පමණ ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමඟ අදාළ පන්තිකාමර පිහිටි ගොඩනැගිල්ල මතට මෙම කොහොඹ ගස කඩා වැටී ඇති බවයි.
මෙහිදී එම ගොඩනැගිල්ලේ වහලයට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව සඳහන්. මේ අතර පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,