බයිපාස් එකෙන් පස්සේ රනිල්ගේ කොන්දත් ශක්තිමත් වෙලා - රටම බලා සිටි එජාපයේ නායකයා ගැන හරීන් කට අරී [VIDEO]

Report

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථක හෘද සැත්කමකින් පසුව මේ වන විට වසර 10කින් පමණ තරුණ වී නව ජවයකින් පසුවන බවයි.

ඒ අනුව ඊයේ(10) දින පැවති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් අවසානයේ හරීන් ප්‍රනාන්දු, රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධිය පමණක් නොව, මෙම සැත්කමෙන් පසු දැන් ඔහුගේ කොන්ද ද ඉතා ශක්තිමත් වී ඇති බවට සැහැල්ලු විහිළුවක් ද සිදුකළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් මාස තුනකට පමණ පසු පක්ෂ නායකයා මෙසේ සම්බන්ධ වී තිබුණේ පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරීත්වය, ඉදිරි පියවරවල් සහ ඉදිරි සංවත්සරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව සඳහන්.

දේශපාලන පෙරළියක්.. හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේ රැස්වූ හේතුව

දේශපාලන පෙරළියක්.. හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේ රැස්වූ හේතුව

එම අවස්ථාවේදී විශේෂයෙන්ම සමගි ජන බලවේගය සමඟ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පක්ෂ නායකයා විසින් කරුණු පැහැදිලි කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉතා සැහැල්ලු වටපිටාවක පැවැති මෙම සාකච්ඡාවේදී පක්ෂය සංවිධානය කරන ආකාරය, නව සංවිධායකවරුන් පත් කිරීම සහ තරුණ සංගම් ආරම්භ කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත.

එහෙත් පක්ෂයට නව නායකත්වයක් පත් කිරීම පිළිබඳව මෙහිදී කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව සඳහන්.

අල්ලස් කොමිසමෙන් ඇග හිරි වැටෙන වාර්තාවක් - ලොක්කෝ 51කට නඩු දාලා 41ක්ම රාජ්‍ය නිලධාරීන්

අල්ලස් කොමිසමෙන් ඇග හිරි වැටෙන වාර්තාවක් - ලොක්කෝ 51කට නඩු දාලා 41ක්ම රාජ්‍ය නිලධාරීන්

ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ඊට හේතුව රනිල් වික්‍රමසිංහ අලුත් හදවතක් සහ ශරීරයක් සමඟ නව ජවයකින් සිටින බැවින් එවැනි නායකත්ව වෙනසක අවශ්‍යතාවයක් මතු නොවීම බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස සමඟ සිදු කෙරෙන දේශපාලන සාකච්ඡා සහ ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වඩාත් ක්‍රමවත්ව ඉදිරියට කරගෙන යාම සඳහා වන වගකීම්, අදාළ විශේෂ කමිටු වෙත පැවරීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බවයි.

උපන්දින දෙකේ හොර පාස්පෝට් නඩුව - ශෂී වීරවංශ මහත්මිය සිරගෙට යෑමට හේතු වූ සාක්ෂි විශ්ලේෂණය මෙන්න

උපන්දින දෙකේ හොර පාස්පෝට් නඩුව - ශෂී වීරවංශ මහත්මිය සිරගෙට යෑමට හේතු වූ සාක්ෂි විශ්ලේෂණය මෙන්න

අඳාළ වීඩියෝ දර්ශන උපුටා දක්වා ඇත,