රටම කළඹපු රංග රාජපක්ෂගේ මරණ පරීක්ෂණ තීන්දුව දෙන දිනය මෙන්න
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් පිළිබද සහකාර අධ්‍යක්ෂවරයෙකුව සිටි අභාවප්‍රාප්ත රංග නිෂාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් එහි වැඩිදුර පරීක්ෂණ ඇත්නම් කඩිනමින් සිදුකර අධිකරණයට වාර්තා කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මරණ පරීක්ෂණ තීන්දුව ජූලි 31 වනදා දක්වා කල්තබමින් මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා මෙම නියෝගය ලබා දී ඇත
මෙම සිද්ධියේ සාක්ෂි මෙහෙයවු වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට ඇත