කාලගුණයෙන් හෝමාගම කැළඹෙයි - නිවාස 52කට හානි
By Kaushi
හෝමගම පිටිපන කිරිබේරියකැලේ ප්‍රදේශය ඔස්සේ හමාගිය දැඩි සුළගකින් එම ප්‍රදේශයේ නිවාස 52 කට පමණ හානි සිදුව ඇති බව හෝමගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා සඳහන් කරයි.
ඒ අනුව අද (13) දින අළුයම් කාලයේදී මෙම දැඩි සුළං තත්වය බලපා තිබෙන බව සදහන්.
හෝමගම පිටිපන කිරිබේරියකැලේ, පන්සල හන්දිය මෛත්‍රිදාස මාවත ආදී ප්‍රදේශ රැසක නිවාසවලට මෙසේ හානි වී තිබෙනවා.
එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි
එමෙන්ම එම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර ඇත්තේ නිවාසවල වහලවල් රැසකට සහ ගස් රැසක් හානියට පත්ව ඇති බවයි.
මේ අතර අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.