පාස්කු බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවෙන්.. ගෝඨා ජනාධිපති කරවන්න ජෙවීපී එකත් සපෝට් කළා - නාමල් එළි කරයි [VIDEO]
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපති වූයේ පාස්කු ප්රහාරය නිසා බව ආණ්ඩුවේ ඇතැමුන් පවසන බවත් එය එසේනම් ජනතා විමුක්ති පෙරමුණත් ඊට ජාතික ලැයිස්තුවෙන් වැඩකර ඇති බවයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සේරුවාවිල රජවැව පැවති ජන හමුවක් අමතමින්.
එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"මම දැක්කා අදත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් අහනවා මේ පාස්කු ඉරිදා ගැන නාමල්ට ප්රශ්නයක් නැත්ලු. දැන් පාස්කු ඉරිදා සම්බන්ධයෙන් බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවේන්. පොහොට්ටුවේ නෙවෙයි. ඔවුන්ට පෙනී හිටපු නීතිඥවරුන් මොන පක්ෂයෙන්ද ඡන්දෙ ඉල්ලුවේ කියලා හෙව්වොත් ත්රස්තවාදීන්ගේ නීතිඥවරු හෙළිවෙනවා. පරීක්ෂණ කටයුතුවල ෆයිල් යට ගහගෙන හිටියේ කවුද කියලා හොයලා බැලුවොත් අද ආණ්ඩුවෙන් ඒ අයට ඉහළ තනතුරු දීල තියෙනවා. හරි අහඹු සිදුවීමක් මේ අය කියන විදියට. හැබැයි ගෝඨාභය ජනාධිපතිවරයා ගේන්නලු පාස්කු ඉරිදා ප්රහාරයේ සිද්ධ කළේ. ඒ කියන්නේ මේ අය කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න ජෙවීපී එකේ ජාතික ලැයිස්තුවෙන් වැඩ කරලා තියෙනවා. එහෙනම් ඉතින් ජේවීපී එක තමයි වගකියන්න ඕන." යනුවෙන්.