කටුනායක ගුවන්තොටුපොළේ නොවැම්බර් මාසේ වෙන්න යන දේ - නිවේදනයක්
ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ව්‍යාපෘතිය යළි ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත එය නිමා කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඊයේ (12) දින වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාවට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නියෝජිත කණ්ඩායමක්ද සහභාගී වී ඇත.
මේ අතර වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ව්‍යාපෘතියට අදාළ ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම පිළිබඳ අනුමැතිය කඩිනම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බවත් එම පියවරයන් සම්පූර්ණ වීමෙන් පසු ලබන නොවැම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් ය.
2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙහි දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ වූ අතර මේ සඳහා ජපන් රජයෙන් යෙන් බිලියන 75ක ණය ආධාර ලබා දී තිබුණා.
තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්
එහෙත් රටේ ඇති වූ ආර්ථික කඩා වැටීම නිසා 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර විය. අනතුරුව 2024 අග භාගයේදී මේ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කළ අතර, 2025 වසරේදී ලංසු කැඳවීම් අවසන් කර මේ වනවිට අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ අවසන් අදියරට පැමිණ තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා රජය, ජපන් රජය සහ JICA ආයතනය හා සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය මත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ණය ප්‍රතිපාදන ලබා දීමට ජපාන පාර්ශවය එකඟත්වය පළ කර ඇති බව සඳහන්.
එමෙන්ම අඳාළ නිවේදනයේ ව්‍යාපෘතියට අවශ්‍ය අදාළ ණය මුදල් ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ ඉක්මණින් සාකච්ඡා කර අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ වූ බවද සඳහන්.
මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්
එහිදී JICA නියෝජිත පිරිස යෝජනා කර ඇත්තේ පළමු පියවර වශයෙන් ණය මුදල ස්ථීර කර ණය ගිවිසුම් අත්සන් කිරීමත්, දෙවන පියවර වශයෙන් සාකච්ඡා කරගත් මිල මත කොන්ත්‍රාත්තුව පිරිනැමීමත් සිදු කළ යුතු බවයි.
මේ අතර මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක් විය.