සිසු සැරිය ගාස්තු ඉහළ දැමීමට රජයේ සැලසුමක්

Report

ගැමි සැරිය, සිසු සැරිය සහ නිසි සැරිය සඳහා යොදවා ඇති ලංගම හා පෞද්ගලික බස් රථවල කිලෝමීටරයකට ගෙවන මුදල් වැඩි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

ඒ අනුව, සිසු සැරිය යටතේ දැනට කිලෝමීටරයකට ගෙවන රුපියල් 105 සිට රුපියල් 118 දක්වා, ගැමි සැරිය යටතේ රුපියල් 35 සිට රුපියල් 79 දක්වා, සහ නිසි සැරිය යටතේ රුපියල් 70 සිට රුපියල් 79 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ විශේෂ සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය;

“සිසු සැරිය යටතේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී බස් හිමියාට ප්‍රමාණවත් ආදායමක් නොලැබේ නම්, එම මුදල ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මගින් ගෙවිය හැක. පාසලක හෝ කිහිපයක සිසුන් හා දෙමව්පියන්ගේ අත්සනින් යුත් ලිපියක් විදුහල්පතිගේ අනුමැතිය ඇතිව ලංගම හෝ ප්‍රවාහන අධිකාරිය මගින් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවට යොමු කළහොත්, බස් රථයක් ලබාදීම සලකා බැලිය හැක.

අද සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි

අද සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි

ළමුන් 20කට වැඩි පිරිසක් සිටී නම්, කිලෝමීටරයකට රුපියල් 118ක් ගෙවීමේ හැකියාව ඇත. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර තිස්විය ඉක්මවා සිටීම අනිවාර්යයි. මෙම වැඩපිළිවෙළ යටතේ ගමන් වාර 600කට ආසන්න ප්‍රමාණයක් ලබාදිය හැකි වුවත්, තවමත් ලංකාවෙන් ඉල්ලුම් 200කටත් අඩු ප්‍රමාණයක් ලැබී ඇත. ගැමි සැරිය යනු උප නගරයක සිට ගමේ කෙළවරට බස් රථයක් ධාවනය කරන ව්‍යාපෘතියකි.”

අද පැය 12ක ජල කප්පාදුවක් - මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන්

අද පැය 12ක ජල කප්පාදුවක් - මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන්