අද සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, අද(07) සිට එළඹෙන 11 වැනිදා දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වේ.
මේ යටතේ, ජූලි 7 වැනිදා මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 8 වැනිදා සේවා ස්ථානවල අනතුරු වැළැක්වීම, ජූලි 9 වැනිදා නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීම, ජූලි 10 වැනිදා දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11 වැනිදා පාසල්, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇත.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, මෙම කාලපරිච්ඡේදය තුළ අනතුරු නිවාරණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, අනතුරු සිදුවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම, සහ ඉදිරියේදී අනතුරු අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.
