මාලිමා ආණ්ඩුවේ.. මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ පඩියට මොකද වෙන්නේ?.. ජනපති කීව දෙය මෙන්න..

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Latest Headlines Decision Making AKD
By krishani Oct 30, 2024 03:45 PM GMT
krishani

krishani

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ "රට හදන අපි එකට මාලිමාවට" යන තේමාවෙන් අද (30) පස්වරුවේ මාතර පැවති ජනතා රැලිය අමතමින් ය.

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..


එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඒ අය දන්නවා අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි. අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි. දේශපාලන බලය සමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගාණනාවක ශක්තිමත්භාවයෙන්. ජනාධිපති ධුරය දේශපාලන බලයේ හොඳ ශක්තිමත් තැනක්. කැබිනට් මණ්ඩලය හොඳ ශක්තිමත් තැනක්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අපි තුන්දෙනයි.ජනාධිපති අගමැති ඇමති. ලෝකේම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්. එතකොට එයාලා කල්පනා කරනවා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඇතිවීමට ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා.

සේවක අර්ථසාධක අරමුදලේ පොලියට මොකද වුණේ?. 09% දක්වා අඩු වෙයි ද?. අද වුණ දෙය මෙන්න..

සේවක අර්ථසාධක අරමුදලේ පොලියට මොකද වුණේ?. 09% දක්වා අඩු වෙයි ද?. අද වුණ දෙය මෙන්න..


ඒ සඳහා තමයි ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණ කරන්න පටන්ගෙන තියෙන්නේ. ඉතාමත් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටිනවා.

රජ්‍ය සේවකයින්ට පඩි වැඩි කරන්න තීන්දු කළාලු, සල්ලිත් වෙන් කරාලු. කැබිනට් මණ්ඩලයත් අනුමත කරාලු. ඉතින් දෙන්න තිබුණා නේ. ඔයා අනුමත කරාත් එකයි නැතත් එකයි. සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා.

මේ සමාජය තුළ දෙදරීමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගෙන දුන්නේ ජාතික ජන බලවේගයට රාජ්‍ය සේවකයා. ඒ නිසා එතන බිඳ වට්ටන්න මේ වගේ අසත්‍ය කරුණූ ඉදිරිපත් කරනවා.

ලාෆ් ගෑස් වලට මොකද වුණේ?. නැද්ද?.

ලාෆ් ගෑස් වලට මොකද වුණේ?. නැද්ද?.


මාසයයි, දෙකයි, තුනයි මේක වැටෙයි කියනවා. මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ගොඩ නගපු ආණ්ඩුව නතර වෙන්නේ මේ රට හදලා මිස මේ ආණ්ඩුව නතර කරන්න බැරි බවත් මතක තියා ගන්න."

ReeCha