සේවක අර්ථසාධක අරමුදලේ පොලියට මොකද වුණේ?. 09% දක්වා අඩු වෙයි ද?. අද වුණ දෙය මෙන්න..

Supreme Court of Sri Lanka employee provident fund Latest Headlines Decision Making
By krishani Oct 30, 2024 10:32 AM GMT
krishani

krishani

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (30) පෙත්සම් හතරක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේ ය.

ඒ මෑතක දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 09 දක්වා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තුළින් එහි සාමාජිකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් ය.

IMF සිව්වැනි වාරිකයට මොකද වෙන්නේ?. හිටපු ජනපති රනිල් කීව දෙය මෙන්න..

IMF සිව්වැනි වාරිකයට මොකද වෙන්නේ?. හිටපු ජනපති රනිල් කීව දෙය මෙන්න..


මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් මීට පෙරද නිෂ්ප්‍රභ කර ඇති නිසා මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා ඇතුළු පාර්ෂව කිහිපයක් මතුකළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

මෙම තීන්දුව ලබා දුන්නේ ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ය. 

කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ය.

බිත්තරයත් පෙරළියක් කරන්න ද යන්නේ?.

බිත්තරයත් පෙරළියක් කරන්න ද යන්නේ?.


පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ අන්තර්ගයට සමාන තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රබ කර තිබූ බව පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම පෙත්සම් ද පවත්වාගෙන යාමට නොහැකි බවද ඔහු සඳහන් කර සිටියේ ය.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේ ය.

ReeCha