වයස 18ට වැඩි අවිවාහක වැඩිහිටියන්ට ෆින්ලන්තයට යන්න අවස්ථාවක් - සැබෑ ආදරය සොයාගන්න සියලු වියදම් ෆින්ලන්තයෙන්
ෆින්ලන්තය විසින් ශ්රී ලංකාව ඇතුළු ලොව පුරා සිටින, විවාහක නොවන (තනිකඩ) වැඩිහිටියන්ට එරට සංචාරයක් සඳහා අයදුම් කිරීමට ආරාධනා කරයි.
මෙම සංචාරයේ සියලු වියදම් ෆින්ලන්තය විසින් දරනු ලබන අතර, මෙහිදී සහභාගිවන්නන්ට ෆින්ලන්ත ආහාර සහ සංස්කෘතිය අත්විඳින අතරම, තමන්ට ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක හමුවීමට ද අවස්ථාව සැලසේ.
එරට නිල සංචාරක සංවිධානය වන 'Visit Finland' විසින් දියත් කරනු ලබන මෙම වැඩසටහන යටතේ, 2027 පෙබරවාරි මාසයේදී සිදු කෙරෙන දින හතරක සංචාරයක් සඳහා තනිකඩ පුද්ගලයින් 16 දෙනෙකු තෝරා ගනු ලැබේ.
'Finnish Dinner Date' (ෆින්ලන්ත රාත්රී භෝජන හමුව) ලෙස නම් කර ඇති මෙම වැඩසටහන මගින්, විදේශීය අමුත්තන් සහ ෆින්ලන්තයේ වෙසෙන තනිකඩ පුද්ගලයින් හෙල්සින්කි (Helsinki) සහ ටැම්පරේ (Tampere) නගරවලදී විශේෂ රාත්රී භෝජන හමුවීම් සඳහා එක් කරනු ඇත. '
Visit Finland' ආයතනයට අනුව, එක් එක් නගරය සඳහා විදේශීය සහභාගිවන්නන් අට දෙනෙකු තෝරා ගනු ලබන අතර, ඔවුන් සමඟ ෆින්ලන්තයේ වෙසෙන තනිකඩ පුද්ගලයින් දෙදෙනෙකු එක්වී සාම්ප්රදායික ෆින්ලන්ත ආහාර වේලක් භුක්ති විඳිනු ඇත.
තෝරා ගන්නා සහභාගිවන්නන් සඳහා ගුවන් ගමන්, නවාතැන්, ආහාර වේල් සහ විවිධ ක්රියාකාරකම් ඇතුළු සියලු වියදම් නොමිලේ ලබා දෙනු ලැබේ. අයදුම් කළ හැක්කේ කාටද? ෆින්ලන්තයේ පදිංචිකරුවන් නොවන, ලොව ඕනෑම තැනක සිටින, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි තනිකඩ වැඩිහිටියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
අයදුම්පත් තනි තනිව ඉදිරිපත් කළ යුතුය. අයදුම්කරුවන් විසින්, "රාත්රී භෝජන හමුවකදී ඔබ පිළිගන්වන්නේ කුමන ආකාරයේ ආහාරද? සහ ඇයි?" යන ප්රශ්නයට පිළිතුරු සපයමින් ඉංග්රීසි භාෂාවෙන් කෙටි වීඩියෝවක් පටිගත කළ යුතුය.
මෙම වීඩියෝව Instagram, TikTok හෝ YouTube වෙත උඩුගත කළ යුතු අතර, එහිදී #FinnishDinnerDate යන හැෂ් ටැගය (hashtag) භාවිතා කරමින් 'Visit Finland' ආයතනය ටැග් (tag) කළ යුතුය.
ඉන්පසු, අයදුම්කරුවන් විසින් නිල මාර්ගගත (online) අයදුම්පත සම්පූර්ණ කර, තමන් සකස් කළ වීඩියෝවට අදාළ සබැඳිය (link) ද එහි ඇතුළත් කළ යුතුය. අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026 නොවැම්බර් 10 වන අතර, තෝරා ගන්නා ලද පුද්ගලයින් 16 දෙනාගේ නම් 2026 දෙසැම්බර් 1 වන දින ප්රකාශයට පත් කෙරේ.
මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න - හිමිනමක් ලෙස පෙනී සිටින අයෙක් අල්ලා ගැනීමට පොලිසියෙන් මහජන සහය පතයි
මෙම සංචාර 2027 පෙබරවාරි 9 සහ 19 අතර කාලය තුළ සිදු කෙරේ. මෙම වැඩසටහන සඳහා ආභාෂය ලැබී ඇත්තේ ෆින්ලන්තයේ ජනප්රිය 'Sinkkukori' (හෝ "තනිකඩ කූඩය") නම් ක්රමවේදයෙනි.
එහිදී, තමන් තනිකඩ බවත්, නව පුද්ගලයින් හමුවීමට කැමති බවත් අන් අයට ඇඟවීම සඳහා, සාප්පු සවාරි යන්නන් සුපිරි වෙළඳසැල්වල ඇති රෝස පැහැති කූඩ භාවිතා කරති.
උනන්දුවක් දක්වන ශ්රී ලාංකිකයන්ට 'Visit Finland' නිල වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකිය.
අයඳුම් කිරීම සඳහා පහත ක්ලික් කරන්න.