මේ මාසයේ මාසික ඉන්ධන මිල සංශෝධනය - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් නිවේදනයක්

Report

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසනේ මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු වුවත් ඊට අදාළ සාකච්ඡාවක් නොපැවැත්වුණු බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අවසන්ර වරට පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත් අතර එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 414ක් ලෙස සටහන් විය.

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

එනමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය නොකළ අතර එය රුපියල් 475ක් ලෙසටම පැවැතුණි.

මීට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් වැඩි කිරීමට පියවර ගෙන තිබූ අතර එය රුපියල් 528ක් දක්වා ඉහළ යන ලදී. එමෙන්ම රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරය මිලද රුපියල් 10කින් ඉහළ දැමුණු අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 392ක් ලෙසිනි.

මේ අතර රුපියල් 285ක්ව පැවති භූමිතෙල් මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය. 

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්