රතු අනතුරු ඇඟවීම් - අර්නබ් ගියා විතරයි මුරාසු මතුවෙයි - නැවතත් බෙංගාල බොක්කේ මුරාසු නමින් සුලිකුණාටුවක් - ජනතාවට අනතුරු නිවේදන

Report

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද(01) ප.ව.03.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24දක්වා වලංගු වන බව සඳහන් වන අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘සුළි කුණාටුවක්’ දක්වා වර්ධනය වී ඇති අතර එය ‘මුරාසු’ ලෙස නම්කර තිබේ.

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

එම පද්ධතිය අද (01) පෙරවරු 11.30 වන විට උතුරු අක්ෂාංශ 12.1° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මුරාසු සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (02) දින උදෑසන වන විට ගිනිකොණදිග සහ යාබද බස්නාහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එය වයඹ දෙසට ගමන් කරමින් හෙට (02) මධ්‍යම රාත්‍රිය සහ 03 දින අළුයම් කාලය පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

පහත සිතියමේ “Warning” කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර (70-80) දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙස උපදෙස් දී තිබේ.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දී ඇත.

Gallery