රාජ්‍ය නිලධාරීන්ට මුදල් ගෙවන්න එපා! ශ්‍රී ලංකාවේ ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

Report

රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට අල්ලස් ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම, කිසිදු දේශපාලනඥයෙකුට මුදල් හෝ තෑගි භාණ්ඩ ලබා නොදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහජන හමුවක් අමතමිනි.

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙසේය,

රාජ්‍ය නිලධාරීන් සඳහා වැටුප් ගෙවනු ලබන්නේ රජය විසිනි. යම් හෙයකින් එම වැටුප ප්‍රමාණවත් නොවේ නම්, රජය විසින් වැටුප් වැඩි කරනු ලබයි.පෙර පැවති රජයන් ද වැටුප් වැඩි කළ අතර, වත්මන් රජය ද වැටුප් වැඩි කරමින් සිටී. ඉදිරියේදී පත්වන රජයන් ද වැටුප් වැඩි කරනු ඇත. එබැවින්, රාජ්‍ය සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැත.

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය සේවාවන් නිසි පරිදි ඉටු නොවීම හෝ හිතාමතාම ප්‍රමාද කිරීම වැනි තත්ත්වයන් පවතින බව අපි දනිමු. දේශපාලනඥයන් අතර මෙවැනි ක්‍රියා නොමැති වුවද, ඇතැම් රාජ්‍ය නිලධාරීන් අතර මෙවැනි තත්ත්වයන් දැකිය හැකිය. කාලයත් සමඟ මෙම තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇත.

මෙවැනි ක්‍රියාවල නිරත පුද්ගලයින් එකෙකු හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව පරීක්ෂණ සිදු කිරීමත් සමඟ මෙම ගැටලුව ක්‍රමයෙන් පාලනය වනු ඇත. තවත් වසර දෙක තුනක් ඇතුළත මෙම ගැටලුවට පූර්ණ විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.