තවත් සැකකරුවකු පොලිසියෙන් සොයයි - මොහුව දුටුවොත් වහාම මේ අංකයට දැනුම්දෙන්න

Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.

වාර්තා වන ආකාරයට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරනු ලබන පුළුල් පරීක්ෂණ ඔස්සේ, මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇත.

එමගින් ලබාගත් තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජන සහාය අපේක්ෂා කරයි.

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න - හිමිනමක් ලෙස පෙනී සිටින අයෙක් අල්ලා ගැනීමට පොලිසියෙන් මහජන සහය පතයි

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න - හිමිනමක් ලෙස පෙනී සිටින අයෙක් අල්ලා ගැනීමට පොලිසියෙන් මහජන සහය පතයි

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.

කොට්ඨාස භාර නිලධාරී - ගල්කිස්ස: 071-8591661

ස්ථානාධිපති (ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය): 071-8596408

පසුගිය 20 වන දින මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක හිමිකරුව මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කර පලාගොස් තිබිණි.'

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

අපරාධයට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 27 වන දින ගල්කිස්ස සහ කහතුඩුව පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අවුරුදු 28 සහ 36 වයස්වල පසුවන කහතුඩුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඝාතනය සිදුකිරීමට පැමිණි මෝටර් රථයේ රියදුරු ද ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ කුඩු අංජු’ගේ ප්‍රබල අනුගාමිකයෙකු බව කියන ජයවර්ධන කොට්ටගේ රුවන් කුමාර නමැත්තා විදේශයක සිට මෙම අපරාධය මෙහෙයවා ඇති බවය.

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

Gallery