ඊශ්රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතා
ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් එරට නගර පහක විරෝධතා පැවැත්වෙන බව ඉන්දීය Times of India වාර්තා කරයි.
එම වාර්තාවේ සඳහන් වන්නේ මෑතකදී පැවති මැතිවරණයෙන් නෙතන්යාහුගේ සන්ධානයට ආසන 120කින් 53ක් හිමිව ඇති අතර, ඔහුට විරුද්ධ පාර්ශ්වවලට ආසන 67ක බහුතරයක් හිමිව ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ නෙතන්යාහුගේ පාලනය අවසන් කිරීම සඳහා විපක්ෂ නායකයන් අරාබි පක්ෂ සමඟ එක්ව යුදෙව්-අරාබි හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි.
Standing Together ව්යාපාරය විසින් ටෙල් අවිව්, ජෙරුසලම, හයිෆා, බීර්ෂෙබා සහ ටයිබේ යන නගරවල මෙම විරෝධතා සංවිධානය කර ඇත. ඒ අනුව ගාඩි අයිසන්කොට්, නෆ්තාලි බෙනට් සහ යායර් ලපිඩ් යන විපක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ අරාබි පක්ෂ සමඟ එක්ව පාර්ලිමේන්තුවේ පවතින බහුතරය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යොදා ගන්නා ලෙසයි.