මෙරට ප්‍රධාන ජල විදුලි බලාගාරයකින් එක්වරම හමු වූ දේ.
Sri Lanka Police
By Wayomi
විමලසුරෙන්ද්‍ර ජල විදුලිබලාගාරයේ ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙක් ඊයේ (14) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනා රැදි සිටින එම විදුලිබලාගාරයේ නේවසිකාගාරයක එළි මහනේ ගංජා වවා ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත නොර්ටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් පිරිසක් එම නේවාසිකාගාරය වෙත ගොස් පරික්ෂා කිරීමේදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ,වයස අවුරුදු 35 – 40 වයස්වල පසුවන ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙක්.
එහිදී නේවාසිකාගාරයට පිටතින් වගා කර තිබු කුඩා ගංජා පැළ දෙකක් සහ නේවාසිකාගාරය තුළ තිබි වියලි ගංජා පැකැට්වුවක් සොයා ගෙන තිබෙනවා.
අදාල සැකකරුවන් දෙදෙනා අද (15) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.