අල්ලස් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් මාට්ටු

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළවයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

මෙසේ චෝදනා ලැබ ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කළ පැමිණිල්ලකට අනුව බව සඳහන්.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේදී අද (07) දින පස්වරුවේ සැකකරුව අත්අඩංගුවට ගත් බව දන්වා ඇත.

අඳාළ සැකකරු දෙමටගොඩ කොලොන්නාව පාරේ පවත්වාගෙන යන ආයතනයක මෙම වසරට අදාළ බදු නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

අනතුරුව අඳාළ මුදල රුපියල් 50,000 තෙක් අඩුකර ඇති අතර ඉන් රුපියල් 42,000ක මුදලක් ඔහු ඉකුත් 03 වනදා ලබා ගෙන ඇති බවත් සඳහන් කරයි.

ඒ අනුව ඉතිරි රුපියල් 8,000ක මුදල අද දින ලබා ගැනීමට යාමේදී සැකකරුව මෙසේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව පවසයි.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්