නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අල්ලයි
මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ ද සහයෝගය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එක්ව සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් ජුලි 02 වන දින වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පවත්වා ගෙන ගිය නීති විරෝධී ලන්ච්ෂීට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු කළ වැටලීමකින් මෙම ලන්ච්ෂීට් තොගය සොයා ගෙන ඇති බව සඳහන්.
ඒ මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලද රහසිගත තොරතුරකට අනුවයි. මෙහිදී ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට යටත්ව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් කර්මාන්තශාලා හිමිකරුට විරුධව නීතිමය පියවර ගෙන තිබෙනවා.
මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ප්ලාස්ටික්වලින් සමස්ත සමාජයටම සිදුවන ව්‍යසනය සම්බන්ධයෙන් අවධානය යොමු කර නීති විරෝධී ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාමට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව සඳහන්.
එනිසා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ නීති විරෝධී භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාම් කිරීමෙන් වැළකී නීතිමය ගැටලු ඇති වීමේ අවධානමෙන් වළකින ලෙසත්, සමාජ වගකීමක් වශයෙන් ගෙන අදාළ භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසත් බව පවසයි.
