තියෙන බදු මදිවට තවත් බද්දක්, ආණ්ඩුව එකඟ වූ බවට IMF හෙළිදරව්වක්

Sri Lanka IMF Sri Lanka Income Tax Department Sinhala news Breaking News
By Kaushi Jul 07, 2025 05:48 PM GMT
Kaushi

Kaushi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් හෙළි කර ඇත්තේ 2027 වසරේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවයි.

අඳාළ වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුවේදී මෙම දීප ව්‍යාප්ත දේපළ බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතව ඇත.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව මෙම නව දේපළ බද්ද පැනවීමට අවශ්‍ය දත්ත යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම කාර්ය මණ්ඩල වාර්තාවේ සඳහන්ව ඇති බව පවසයි.

ඒ අනුව දේපළ තක්සේරුකරණය වෙනුවෙන් විස්තීරණ ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම දේපළ වටිනාකම් තක්සේරුකරණය හා බදු වගකීම් ගණනයේදී අදාළ දත්ත පද්ධතිය මූලික පදනම වන බව සඳහන්.

එසේම වැඩ පිළිවෙලේ මුල් අදියර වශයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සතු අතීත තක්සේරු වාර්තා ඩිජිටල්කරණනය කරනු ඇති බවද ප්‍රකාශ කරයි.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

මේ අනුව පළමුවෙන්ම නගර සභාවවලට අදාළ තක්සේරු වාර්තා ආවරණය කිරීමට නියමිතව ඇත.

තවද මෙම වසර අවසානයේදී එම ඩිජිටල්කරණය සම්පූර්ණ කිරීමට ද බලාපොරොත්තු වන බව සඳහන්.

තවද එම වාර්තාවේ සඳහන් වන්නේ ඊට සමගාමීව පළාත් මට්ටමෙන් විකුණුම් මිල කුලී බදු ලේඛනයක් සම්පාදනය කර දිවයින පුරා දේපළ වෙළඳ පොළෙහි වර්තමාන මිල ඇස්තමේන්තු කිරීමටද රජය මුලපුරා ඇති බවයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඊට අමතරව මෙම වාර්තාවෙන් හෙළිව ඇත්තේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව අතීත වාර්තා ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් අනතුරුව ඒවා පළාත් මට්ටමෙන් දේපළ විකුණුම් මිල හා කුලී බදු ලේඛනය හා ඒකාබද්ධ කර දේපළවලට අවම ඇස්තමේන්තු ගත වෙළඳ මිල සඳහන් ජාතික දත්ත පද්ධතියක් 2026 වසරේ ජූනි මාසය වනවිට නිර්මාණය කිරීම රජයේ සැලැස්ම බවයි.

තවද එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ 2026 වසරේ සැප්තැම්බර් වන විට අදාළ දත්ත පද්ධතිය ඇසුරෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හා ඉඩම් කොමසාරිස් ජෙනරල් කාර්යාලයට මෙන්ම මහා ජනතාවටද ඉඩ ලැබෙන බවටයි.

ධුරයෙන් නෙරපූවා කියලා ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගෙන

ධුරයෙන් නෙරපූවා කියලා ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගෙන

ReeCha