රටේ තියෙන සංචිතවලින් වාහන ආනයනය කරන්නේ නෑ බය වෙන්න එපා - ධනනාත්

Report

 ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා විසින් වාහන ආනයන පිළිබඳව මේ වන විට යළිත් වරක් සාකච්ඡාවට බඳුන් වී ඇති නිසා වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට තුළ පවතින විදේශ සංචිතවලින් නොවන බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව ශ්‍රී ලංකාවට ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදි රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය භාවිත කර ආනයනය සිදු නොකරන බව පවසයි.

එසේම ඒ වෙනුවෙන් භාවිත කරන්නේ අපනයනය කර ලබා ගත් මුදල් බවත් ඔහු කියා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ,

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

"අපි නිතරම ජනතාව දැනුවත් කරන දෙයක් තමයි සංචිතවලින් නෙමෙයි ආනයනය කරන්නේ. සංවිතවලින් ආනයනය කරනවා නම් අපේ සංචිත ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ ආනයනය සඳහා. මොකද අපේ සංචිත තියෙන්නේ දළ වශයෙන් අමෙරිකානු ඩොලර් 6.6ක් විතර නමුත් අපි වසරකට ආනයනය කරනවා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා සංචිතවලින් ආනයනය කිරීමක් සිදුවෙන්නේ නෑ. මේ ප්‍රශ්නය ගොඩක් වෙලාවට එන්නේ වාහන ආනයනයත් සමග. වාහන ආනයනයේදී සංචිතවලින් නෙමේ වාහන ආනයනය සිදුවෙන්නේ. වාහන හෝ වෙන ඕනෑම භාණ්ඩයක් ආනයනය කරන්නේ අපි අපනයනය කරලා ලබා ගන්න මුදල්වලින් සහ අපිට සංචාරක කර්මාන්තයේ සේවාවන්වලින් ලැබෙන මුදල්වලින් සහ අපේ විදේශ ප්‍රේෂණවලින්. ඒ නිසා කිසියම් ආනයනයක් සිදු වෙනවානම් ඒ ආනයනය සංචිත හරහා සිදුවෙන්නේ නෑ. නමුත් අවශ්‍යනම් සංචිත හරහා සිදුකරන්න පුළුවන්. නමුත් එය එසේ සිදු කිරීමේ අවශ්‍යතාවයක් නෑ." යනුවෙන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්