පාකිස්තාන සොල්දාදුවන් 668 දෙනෙක් බලුච් ප්‍රහාර 284කින් ජීවිතක්ෂයට

Report

පාකිස්තාන සොල්දාදුවන් 668ක් මාස 06ක් තුළ දී බලුවී විමුක්ති හමුදාව (BLA) එල්ල කළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව BLA නිවේදනයක් නිකුත් කරමින් 2025 වර්ෂයේ මුල් මාස 06 තුළ දී මෙම ප්‍රහාර මාලාවට ප්‍රහාර 284ක් ඇතුළත් වූ බව දක්වා ඇත.

එහිදී ෆිදායින් මෙහෙයුම්, නගර අත්පත් කර ගැනීම් සහ ජැෆර් එක්ස්ප්‍රස් දුම්රිය පැහැර ගැනීම ඇතුළු සන්නද්ධ ක්‍රියාකාරකම් උත්සන්න වීම නිසා සලකුණු වූ කාල පරිච්ඡේදයක් තුළ පකිස්ථාන හමුදා නිලධාරීන් 668කට අධික පිරිසක් ඝාතනය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

අඳාළ සංඛ්‍යා ලේඛන නිකුත් කර අත්තේ RIA හි නිල සන්නිවේදන වේදිකාව වන හක්කල් මීඩියා විසින් ප්‍රකාශයට පත් කරන ලද නව තොරතුරු වාර්තාවක බව සඳහන්.

එසේම මෙම මෙහෙයුම් විස්තර වූයේ "බලුකිස්තානයේ වාඩිලාගෙන සිටින පකිස්ථාන හමුදාවන්ට " "සංවිධානාත්මක, මාරාන්තික සහ ඵලදායී හානියක්" ඇති කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් වශයෙන්.

මේ අතර මෙම වාර්තාවට අනුව, කණ්ඩායම අඛණ්ඩ මෙහෙයුමක දී පකිස්ථාන හමුදා රථ පෙළ, හමුදා ස්ථාන, බුද්ධි අංශ ක්‍රියාකාරීන් සහ රාජ්‍ය අනුග්‍රහය ලත් මිලීෂියා ඉලක්ක කර ගත් බවද පවසයි.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

කෙසේ වෙතත් මාස හයක් තුළ වාර්තා වූ ප්‍රහාර සංඛ්‍යාව මේ වන විටත් පෙර වසර පුරා ලේඛනගත කර ඇති මුළු BLA මෙහෙයුම් සංඛ්‍යාවට ආසන්න වී ඇති බව පවසයි.

ඒ අනුව 2024 දී, BLA සංවිධානය ප්‍රහාර 302 ක් වෙනුවෙන් වගකීම භාර ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් 580කට අධික පිරිසක් මිය ගොස් 370කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වී තිබෙනවා.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්